නඩු බඩු රුපියල් 500ක් සොරා ගත්තැයි හිටපු එස්. අයි. අත්අඩංගුවට

Report

බොරැල්ල පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ අතර තිබූ රුපියල් 500ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සැකකරු මීට දින 51කට පෙර සමන්තුරය පොලිස් ස්ථානයේ සේවය කර විශ්‍රාම ලැබූ නිලධාරියකු බව පොලිසිය පවසයි.

2023 වර්ෂයේ බොරැල්ල පොලිස් ස්ථානයේ සිදු කරන ලද නඩු භාණ්ඩ විගණනයකදී, නඩු බඩු කාමරයේ තිබූ භාණ්ඩ 57ක් අස්ථානගත වී ඇති බව අනාවරණය වී තිබිණි.

විශේෂ සහන පැකේජය ගැන විරෝධයක් - අස්වැසුම ගැනත් විවිධ අදහස්

විශේෂ සහන පැකේජය ගැන විරෝධයක් - අස්වැසුම ගැනත් විවිධ අදහස්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනවලට අනුව මීට පෙර ද බොරැල්ල පොලිසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අදාළ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විමර්ශනවල අඛණ්ඩ පියවරක් වශයෙනි.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නොරොච්චෝලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇමති සේවකයන්ට කප්පම් දීලා - විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති

නොරොච්චෝලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇමති සේවකයන්ට කප්පම් දීලා - විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති