හෙට වතුර කපන වෙලාවේ සහ ප්‍රදේශවල වෙනසක් - නැවතත් දන්වා නිවේදනයක් [UPDATE]
හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) දින සිදුකිරීමට තිබූ පැය 24ක ජල කප්පාදුවේ වේලාවෙහි වෙනසක් සිදුකර ඇති බව දන්වයි.
එසේම ඇතැම් ස්ථාන වෙත අඩුපීඩන තත්ත්වය යටතේ ජල සැපයුම ලබාදීමට ද තීරණය කර ඇත.
ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ, හෙට (24) රාත්‍රී 8 සිට අනිද්දා (25) රාත්‍රී 8 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි.
එසේම පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන අතර, මහරගම ප්‍රදේශයට ජලය සපයන බව සඳහන්.
එමෙන්ම එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකරන බවයි.