අද ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න.
Colombo
Water Cut
Water Board
Water
By Aruna
අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවයි.
එමෙන්ම,
කැලණිය
වත්තල
බියගම
මහර
දොම්පේ
කටාන
මිනුවන්ගොඩ
යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කළා.