ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි අත්අඩංගුවට
By R.rishma
ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී, මහාරාෂ්ට්‍ර සහ කර්ණාටක ඇතුළු ප්‍රාන්ත කිහිපයක ඡන්දදායක වංචා පිළිබඳ තොරතුරු රාහුල් ගාන්ධි විසින් මූලාශ්‍ර සහිතව හෙළි කරන ලදී.
එහිදී ඔහු භාරතීය ජනතා පක්ෂ රජය සමඟ සහයෝගයෙන් මැතිවරණ කොමිසම ඡන්ද වංචාවලට සම්බන්ධ බවට චෝදනා කළේය.
මෙම තත්ත්වය යටතේ, අද (11) උදෑසන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසම වෙත පාගමනින් ගියහ.
පොලිස් උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.