තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති පුටුවේ වැඩ දයා ලංකාපුර භාර ගනී
By Kaushi
තොරතුරු දැනගැනීමේ කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී දයා ලංකාපුර අද (11) දින වැඩ භාර ගෙන ඇත.
ඔහු දශක හයකට අධික කාලයක් වෘත්තිය පුවත්පත් කලාවේදියෙක් ලෙස කටයුතු කරන වර්තමානයේ 'රතු ඉර' පුවත්පතේ ප්‍රවෘත්ති කතෘවරයා වේ.
දයා ලංකාපුර මහතා ඇත්ත පුවත්පතේ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි අතර දිවයින පුවත්පත ඇතුළු පුවත්පත් ගණනාවක ඉහළම තනතුරු දරා තිබෙන බව වාර්තා වේ.
එසේම ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භක සාමජිකයකු වූ අතර මෙරට මාධ්‍ය සංවිධාන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙක් ද වෙනවා.