පැය 20ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.

Western Province Water Cut Water Board Water
By Aruna Jun 13, 2023 01:18 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසනවා.

ඒ අනුව අද (13) පෙ.ව 10.00 සිට හෙට (14) පෙ.ව 6.00 දක්වා ජල සැපයුම අත්හිටු වන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කියා සිටියේ.

පැලැන්වත්ත, කනත්ත පාර, පොම්පාගාරයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව

ගොරකපිටිය

සිද්ධමුල්

ඇරැව්වල

රත්මල්දෙණිය

මහරගම - පිළියන්දල මාර්ගය

එදිරිසිංහ මාවත

මොරකැටිය පාර

මැදවල පාර

බෝකුන්දර පාර හා ඊට අදාළ සියලුම අතුරු මාර්ගවල

මෙලෙස ජල සැපයුම අත්තිටුවනු ලැබේ.