අද රාත්‍රියේ සිට හෙට පස්වරු 1 වෙනකල් මේ අයට හදිසි ජල කප්පාදුවක්
By Kaushi
අඹතලේ සිට කඩුවෙල ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටිමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් අද (09) දින පස්වරු 7.30 සිට හෙට (10) දින පස්වරු 1 දක්වා කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
මේ අනුව කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරොතොට, බෝමිරිය, නවගමුව, රණාල, කහන්තොට යන ප්‍රදේශ සඳහා මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද එම මණ්ඩලය පවසයි.
මෙම ජල සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සිය කණගාටුව පළ කර සිටියි.