අවසන් තීරණය අදයි..කිසිදු දැනුම් දීමකින් තොරව විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කිරීමට තීරණයක්..

Parliament of Sri Lanka Sri Lanka Politician Ceylon Electricity Board Water Cut
By Aruna Nov 21, 2024 02:03 AM GMT
Aruna

Aruna

Report

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය එම නිවාස වල තවදුරටත් රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දෙනාට ලිඛිතව දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු පමණ ඊයේ (20) වනවිට ඉවත්ව ගොස් තිබුණා.

රට පුරා සියලුම පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්..නිරුවත් ඡායාරූප ගැන පැතිර යන ආරංචිය මෙන්න..

රට පුරා සියලුම පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්..නිරුවත් ඡායාරූප ගැන පැතිර යන ආරංචිය මෙන්න..


නව වැනි පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස වල තවදුරටත් රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු පසුගිය 14 වැනිදා තෙක් පමණයි.

පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙන්නේ, පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් එම නිවාස සංකීර්ණයේ තවදුරටත් රැඳී සිටීමට හැකියාව ඇති බවයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා ඒවා පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.


මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 110 ක් පවතින අතර, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි පළමුවෙන්ම ඉල්ලීම ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව නිවාස ලබාදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය ප්‍රකාශ කළේ.

ReeCha