රටම බලන් ඉන්න ජූනි 30 තීරණය - ජල ගාස්තුවේ සංශෝධනය ගැන ඇමති කට අරී
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා විසින් ජල ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් තීරණය එළැඹෙන ජුනි 30 වැනි දින සමාලෝචනය කරන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ ස්ථීර සේවයට එක්වන කළමනාකාර සහකාර නිලධාරීන් වෙනුවෙන් පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අද (02) දින එක්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.
එහිදී ඔහු අනාවරණය කළේ වසරේ පළමු මාස 6 වෙනුවෙන් ජල ගාස්තු සංශෝධනයක් නොකිරීමට ඉකුත් 19 වැනි දින කැබිනට් තීරණයක් මඟින් ප්‍රකාශයට පත් කළ බවයි.
පුත්තලම කැළඹෙයි - අහසේ හදිසියෙම මතු වූ අබිරහස් ගිනි ජාලාවෙන් ජනතාව භීතියෙන් - මිසයිලයක් බවටත් සැකයක්
එසේම එහිදී වත්මන් ජල ගාස්තු මඟින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බවද අනාවරණය කෙරුණු බව සඳහන්.
එසේ වුවත් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජල ගාස්තුව සඳහා විදුලි බිල වැඩිවීම යම් බලපෑමක් සිදුකරනු ඇති බවත් එය ඉතා අවම බලපෑමක් වන බවත් ය.
කෙසේ වුවද ජූනි 30 අවසන් සමාලෝචන තීරණය ප්‍රකාශයට පත්වන බවත් පැවසූ අමාත්‍යවරයා එහිදී ජල ගාස්තුවේ සංශෝධනයක් සිදුවන්නේද නැතිද යන්න ප්‍රකාශයට පත් කරන බවත් වැඩිදුරටත් සඳහන් කළා.
එම අවස්ථාවේදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ,
"පළවෙනි මාස 6 වෙනකන් වතුර බිල වැඩිවෙන්නේ නෑ කියලා අපි තීන්දු අරගෙන තියෙන්නේ. ඊළඟ සමාලෝචනය තියෙන්නේ ජුනි 30. ජුනි 30 වෙනකොට ජනවාරි මාසයේ සිට ජුනි 30 දක්වා ජල පිරිපහදු කටයුතු සහ ජල සම්පාදන මණ්ඩලයේ කටයුතු සඳහා ගියපු වියදම් අපි හදන ක්‍රමවේදයක් තියෙනවා ඊට අනුව බලනවා. ඒකෙදි පසුගිය දවසක විදුලි බිල වැඩිවුණා විදුලි බිල වැඩිවීම තමයි යම් බලපෑමක් කරන්නේ. ඒක ඉතා අවම බලපෑමක් ජල බිලට. අපි ජුනි 30 බලමු සමාලෝචනයේදී මොකක්ද තත්ත්වය කියලා. මම හිතනවා ජල බිල වැඩි කරන්න අවශ්‍යතාවයක් නැතිවෙයි කියලා."