ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන ක්ලාස් ගන්න වසන්ත ස්විට්සර්ලන්තයට

Report

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසිවාරය (UNCTAD XVI) සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් සහභාගී වේ.

මෙම සැසිවාරය ඔක්තෝබර් 15 සිට 20 දක්වා පැවැත්වේ.

නව රජය බලයට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය මෙය වන අතර, WTO සාමාජික රටවල වෙළෙඳ ප්‍රතිපත්ති රාමු පිළිබඳ සාකච්ඡා කිරීම සහ ඒවායේ විනිවිදභාවය තහවුරු කිරීම මෙහිදී සිදුවේ.

සතොස කියන්නේ සුභසාධන ආයතනයක් නෙමෙයි.. ඒකත් බිස්නස් එකක්.. ලාභට දෙන්න බෑ - ඇමති වසන්ත

සතොස කියන්නේ සුභසාධන ආයතනයක් නෙමෙයි.. ඒකත් බිස්නස් එකක්.. ලාභට දෙන්න බෑ - ඇමති වසන්ත

ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ප්‍රතිපත්ති ප්‍රගතිය පිළිබඳ WTO සාමාජිකයින් සමඟ සාකච්ඡා කෙරෙන මෙම සමාලෝචන සැසිවල මුලසුන ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍යවරයා විසින් දරනු ලැබේ.

ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිය සහ අපනයන වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන තීරණාත්මක අවස්ථාවක මෙම සමාලෝචනය පැවැත්වීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය, ධනාත්මක වර්ධනයන් සහ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කිරීමට වැදගත් අවස්ථාවක් බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

මෙම සංචාරය අතරතුර, අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ 16 වන සැසිවාරයේ (UNCTAD XVI) අමාත්‍ය සමුළුවට ද සහභාගී වීමට නියමිතය.

ප්‍රංශ තානාපති සහ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්

ප්‍රංශ තානාපති සහ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්

කථානායක වහාම ඉල්ලා අස්විය යුතුයි - ගම්මන්පිල

කථානායක වහාම ඉල්ලා අස්විය යුතුයි - ගම්මන්පිල