ලුණු ඇතිවෙන්න ගෙනාවා 100ට දෙනවා

Sri Lanka Politician Economy of Sri Lanka Wasantha Samarasinghe Sinhala news
By Mithu May 23, 2025 10:50 AM GMT
Mithu

Mithu

Report

මේ දිනවල වෙළඳපොලේ බොහෝ දෙනෙක් ලුණු හිඟ නිසා විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා.ලුණු කුඩු පැකට් එකක් හොයාගත්තත් කැට පැකට් එකක් හොයාගන්න බැරිවෙන තරමටම ලුණු හිඟ වෙලා. හැබැයි වෙළඳපොළ තුල ලුණු හිඟයක් නෑ අනිසි ආකාරයෙන් බයවෙන්න එපා කියලා රජය කියපු අවස්ථාවකදීම මාධ්‍ය නිවේදන නිකුත් කළා. ඒ අනුව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සඳහන් කරේ මේ වෙද්දිත් ඇති ප්‍රමාණෙට ලුණු පිටරටින් ලංකාවට ගෙනා නිසා පැකට් එකක් රුපියල් සීයකට දෙන්න පුළුවන් කියලයි.

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

දේශීය වශයෙන් ලුණු හිඟය පිරිමසා ගැනීමට උත්සාහ කරත් එය නොහැකිවූ නිසා මෙවැනි තීරණයක් ගත් බව වසන්ත සමරසිංහ ඇමතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ වගේම තවත් සමහරක් දෙනා කියන්න පටන් ගත්තා ජනාධිපතිතුමා රුපියල් 24ට මුදලකට ලුණු ගෙනල්ලා ලංකාවේ ලුණු නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන රයිගම් ආයතනයට පැකට් එකක් සීය ගානේ විකුණනවා කියලා.

ඒ දේවල්වල සත්‍ය අසත්‍ය භාවය කෙසේ වුවත් මේ වන විට වෙළඳපොළ තුළ ලුණු හිඟයක් නැති බව අමාත්‍යතුමා සඳහන් කළා.

අනුරගේ ඊළඟ විදෙස් සංචාරය ගැන දැනුම්දෙයි..

අනුරගේ ඊළඟ විදෙස් සංචාරය ගැන දැනුම්දෙයි..

ReeCha