ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

Sri Lankan Peoples Cyber Attack Ministry of Defense Sri Lanka Myanmar
By Wayomi Nov 12, 2024 03:18 AM GMT
Wayomi

Wayomi

Report

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ, අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකික පුරවැසියන්ගේ සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවටත් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය වෙත විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ලැබී බවයි.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

මේ පිළිබඳව මිට පෙර අවස්ථා කිහිපයකදී මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර තිබු නමුත් මේ වන විට ලැබී ඇති නවතම තොරතුරු වලට අනුව දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීමට කටයුතු සිදු වෙමින් පවතින බව වාර්තා වන බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

විදෙස් රටවල ආකර්ශණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා තොරතුරු තාක්‍ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් තැනැත්තන් වෙළෙඳාම් සිදුකරන්නන් විසින් මෙය සිදුකරනු ලබන බවට කරුණු අනාවරණය වී ඇති අතර මෙහිදී ඔවුන් විසින් වෙනත් රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ශ්‍රමිකයින් ආකර්ෂණය කරගනු ලබන බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එලෙස ඔවුන් රැකියා සම්මුඛ පරීක්‍ෂණයන්ට සහභාගී කරවන මුවාවෙන් ඩුබායි වැනි රටවලට ගෙන ගොස් නීති විරෝධි අන්දමින් මියන්මාරයේ සයිබර් අපරාධ සිදුකරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කොට ඇති අතර මෙම සයිබර් අපරාධ කඳවුරු වලදී ඔවුන්ව මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම් වැනි ම්ලේච්ඡ ශාරීරික වධහිංසාවන්ට ද පවා ලක්කර ඇති බව මෑතකාලීන විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බව වාර්තා වී තිබෙනවා.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

එමෙන්ම "නීතිවිරෝධි සංක්‍රමණ මාර්ග භාවිතා කිරීම දැඩි ලෙස අවධානම් වන අතර, එමගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත උල්ලංඝනය කරන බැවින්, රැකියා අපේක්‍ෂකයින් සංචාරක වීසා මත වෙනත් රටවලට ගමන් කිරීම නොකල යුතුය." යන්න තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටි.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය, මහජනතාවගෙන් සහයෝගය අපේක්‍ෂා කරන අතර ඒ අනුව රැකියා ඉලක්කගත සංක්‍රමණය සඳහා බලයලත් ආයතන හරහා ආරක්‍ෂිත, නීත්‍යානුකූල ක්‍රම අනුගමනය කිරීමට කටයුතු කිරීම, සුපරීක්‍ෂාකාරීව සිටීම සහ සැක කටයුතු තැනැත්තන් වෙළඳාම් පිළිබද වාර්තා කිරීම සහ එලෙස අවදානමට ලක්වී දැනට විදෙස්ගතව සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ මෙරට සිටින නෑදෑ හිතමිත්‍රාදීන් පිලිබඳව අදාල අංශ වෙත දැනුම් දීම ඔස්සේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්‍ෂා කිරීම කළ යුතු වනවා.

එමෙන්ම, එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිලිබඳව 0112102570/ 076 844 7700 දුරකථන අංකවලට හෝ nahttfsrilanka@gmail.com ඊමේල් ලිපිනයන් ඔස්සේ දැනුම් දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය බැඳී සිටින බවද අප සියලු දෙනාගේ සුපරීක්‍ෂාකාරීත්වය මෙම භයානක අපරාධකරුවන්ගේ ජාලයන් මර්ධනයට සහ අපගේ සමීපතමයන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මහ බැංකුව ඩොලර් මිල දී ගත් හැටි හෙළිදරව් වෙයි. - සම්පූර්ණ විස්තරය මෙන්න.

මහ බැංකුව ඩොලර් මිල දී ගත් හැටි හෙළිදරව් වෙයි. - සම්පූර්ණ විස්තරය මෙන්න.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

මන්ත්‍රී වුනාට පස්සෙ මට වාහනයක් ඕන වෙයි. - තවත් පහසුකම් අවශ්‍ය වෙයි. - (VIDEO)

මන්ත්‍රී වුනාට පස්සෙ මට වාහනයක් ඕන වෙයි. - තවත් පහසුකම් අවශ්‍ය වෙයි. - (VIDEO)

 

ReeCha