පනවා ඇති විදුලි සීමා ගැන බලශක්ති ඇමතිගෙන් සුබ ආරංචියක් - මේ පාරිභෝගිකයින්ට බදු සහන දීමටත් සැලසුම්

Report

වහල මත සවිකරන සූර්ය පද්ධතිවලින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කිරීම සඳහා පනවා ඇති සීමාවන් අනාගතයේදී බැටරි බලශක්ති ගබඩා පද්ධති හඳුන්වාදීමත් සමඟ ලිහිල් කළ හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසන බව සඳහන්.

ඒ අනුව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දිවා කාලයේ සූර්ය බලශක්ති උත්පාදනය ඇතැම් විට විදුලි ඉල්ලුම ඉක්මවා ගිය බැවින් සීමාවන් හඳුන්වා දී තිබෙන බවයි.

එමෙන්ම නව බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) මඟින් දිවා කාලයේදී ජනනය වන අතිරික්ත සූර්ය බලශක්තිය ගබඩා කිරීමට ඉඩ සලසන අතර, වැඩි සූර්ය බලශක්තියක් සඳහා ජාතික විදුලිබල පද්ධතියට අමතර ධාරිතාවක් නිර්මාණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

හෙට 2 වෙනකල් මේ ප්‍රදේශවලින් ඉවත්වන්න - වෙන්න යන මහ විනාසය නිසා මේ දිස්ත්‍රික්ක කොටස් තුනකට බෙදයි - රතු නිවේදන

හෙට 2 වෙනකල් මේ ප්‍රදේශවලින් ඉවත්වන්න - වෙන්න යන මහ විනාසය නිසා මේ දිස්ත්‍රික්ක කොටස් තුනකට බෙදයි - රතු නිවේදන

එහිදී විශේෂයෙන්ම ගෘහස්ථ වහල මත සූර්ය බලශක්ති භාවිතා කරන්නන් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට මෙහිදී ඉඩ සැලසිය හැකි බව ඔහු පවසා ඇත.

දිවා කාලයේදී ජනනය කරන සූර්ය විදුලිය රාත්‍රියේ භාවිතය සඳහා ගබඩා කිරීමට නිවෙස්වලට තමන්ගේම බැටරි පද්ධති ස්ථාපනය කිරීමට අවසර දීම පිළිබඳව ද රජය සලකා බලමින් සිටින බව සඳහන්.

එමෙන්ම එවැනි බැටරි පද්ධති සඳහා සුදුසු ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පාරිභෝගිකයින් මෙම තාක්ෂණය භාවිතා කිරීමට දිරිමත් කිරීමට හැකි බදු සහන ලබා දීම පිළිබඳව රජය තවදුරටත් සලකා බලමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවස ඇති බව සඳහන්.

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුවවත් කරන්න ඒ කුරිරු රියදුරා ඉඩ දුන්නේ නැහැ.. පාසලම මළගමක් කර විදුහල්පති යන්නම යද්දි බිරිඳ කී සංවේදී කතාව

මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුවවත් කරන්න ඒ කුරිරු රියදුරා ඉඩ දුන්නේ නැහැ.. පාසලම මළගමක් කර විදුහල්පති යන්නම යද්දි බිරිඳ කී සංවේදී කතාව