පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුවේ, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන ලෙස අද(20) දින ප. ව. 05.00 ට නිකුත් කර ඇත.
ඒ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහායි.
ඒ අනුව සැලකිලිමත් වන්න යනුවෙන් දන්වා ඇති අඳාළ නිවේදනයෙහි බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වූ අඩු පීඩන කලාපය අද නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශයේ පිහිටා ඇත.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට(21) දින ක්‍රමයෙන් නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් දක්වාත් සැප්තැම්බර් 22 වන දිනයේදී බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.
එහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ බෙංගාල බොක්ක හරහා සුළං වේගය වැඩි වනු ඇත.
හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
එමෙන්ම පහත සිතියමේ "Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.
මේ අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.