මේ අවුරුද්දේ එක්ලක්ෂ විසි එක්දාහක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා.. රාජ්‍ය සේවයට ඇඟිලි ගනින අයට ජනපති රැලිය මැදදි කිව්ව සුබ පණිවුඩය
මේ වසර අවසානයේ රාජ්‍ය සේවයට එක්ලක්ෂ විසි එක්දහසක් බඳවා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව වසර ගණනාවකින් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදු නොකළ බවත්, මේ වසර අවසානයේ පොලිසීයට 10,000ක් සහ ගුරුවරුන් 23,000ක් ලෙසින් රාජ්‍ය සේවයට 120,000ක පිරිසක් බඳවා ගන්නා බව ජනපතිවරයා සඳහන් කරයි.
ඔහු මේ බව කියා ඇත්තේ “ආණ්ඩුවට වසර දෙයි රටට සුබයි” යන තේමාවෙන් යුතුව මාතර අකුරැස්සේ අද (20) දින පැවැති මහජන රැළිය අමතමින්.
ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා,
“අපි රැකියා අවස්ථා හදනවා. අවුරුදු ගණනාවකින් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ නෑ. අපි හිතූ හිතූ විදිහට බඳවා ගන්නෙත් නෑ. පුරවන්නේ නෑ. අපි අගමැතිනිය ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්මා. දාලා කිව්වා හැම ආයතනයට අවශ්‍ය ප්‍රමාණය මොකක්ද? අවශ්‍යමද? ඒගොල්ලන්ට වැඩක් තියෙනවාද? නිකං පුටුවේ වාඩිවෙලා ඉන්න වෙයිද? නිකං වැඩක් නැතුව ඉන්න වෙයිද? එහෙම පිරෙව්වේ නැහැ. එහෙම අපි හොයාගත්ත අය එක්ලක්ෂ විසි එක්දාහක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. මේ අවුරුද්දේ. තාම ඔක්කෝම බඳවා ගන්නේ නැහැ. පොලීසියට 10,000ක්, ගුරුවරු 23,000ක් බදවා ගන්නවා. ගමේ තරුණයකුට රස්සාවක් හම්බ වෙනවා. ඒක ආර්ථික හයියක් වෙනවා.” යනුවෙන් සඳහන් කළා.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්