ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කරමින් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් (18) දින පුත්තලම, ආණමඩුව අධ්‍යාපන කලාපයට අයත් සියඹලාගස්හේන යූ.බී. ජයසූරිය මහා විද්‍යාලයේ අලුතින් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.
එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පාසල් පද්ධතිය තුළ ප්‍රධාන ම ප්‍රශ්නයක් ලෙස පවතින විදුහල්පතිවරුන්ගේ හිඟය ආවරණය කිරීමට බොහෝ පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන් කටයුතු කරන බවත් 2020 වර්ෂයෙන් පසු ශ්‍රේණිධාරී විදුහල්පතිවරු නිර්මාණය නොවූ බැවින් ඉදිරියේදී එම ශ්‍රේණිධාරී විදුහල්පතිවරු බඳවා ගැනීමට අවශ්‍ය වන විභාග පැවැත්වීමේ පියවර රජය ආරම්භ කරන බවත් ය.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
එසේම දැනට පවතින ගුරු පුරප්පාඩු පුරවමින් ගුරුවරු 30,000ක් බඳවා ගැනීම සඳහා විභාගය පවත්වා ඇති බවත් මේ වන විට එහි ප්‍රතිඵල ලබා දීමේ කටයුතු සිදුවන් බවත් ප්‍රතිඵල පැමිණි විගස අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ පවත්වා උපරිම ලකුණු ලබා ගත් පිරිස ගුරු සේවයට බඳවා ගනු ලබන බවත් ඔහු පවසා ඇත.
තවද වත්මන් රජය ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව පෙන්වා දුන් අතර උපාධිධාරීන් සිටි පමණින් ම ගුරුවරු ලෙස බඳවා නොගෙන ඔවුන්ට වෙනත් තනතුරුවලට ද ඉඩ සලසා දෙමින් පාසල් පද්ධතියේ පුරප්පාඩුව පවතින විෂයට පමණක් ගුරුවරු බඳවා ගන්නා බවත් ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව ගණිත ගුරුවරයෙක් නැත්නම් ගණිත ගුරුවරයෙක්, ඉංග්‍රීසි ගුරුවරයෙක් නැත්නම් ඉංග්‍රීසි ගුරුවරයෙක්.. ආදී වශයෙන් ගුරුවරු නැති විෂයට බඳවා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීම තුළින් අනාගතයේදී තොග ක්‍රමයට උපාධිධාරීන් පාසල් පද්ධතියට එක් කිරීමේ ගැටලු පැන නොනගින බව ද චන්දන අබයරත්න මහතා එහිදී අවධාරණය කර ඇත.
ඊට අමතරව ගුරු වෘත්තියේ වගකීම සහ කැපවීම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ,
"ඊළඟට තව ප්‍රශ්නයක් තිබුණා; ගුරු සේවයට ගොඩක් කට්ටිය එන්න අකමැතියි. ඉස්සර අපි පොඩි කාලේ ගුරු වෘත්තිය කියන්නේ ඉතා ම ඉහළ ඉල්ලුමක් තිබුණ, වැඩි දෙනෙක් යන්න කැමති ක්ෂේත්‍රයක්. හැබැයි දැන් අවුරුදු 25ක විතර කාලයක ඉඳලා ගුරු සේවයට හොඳ කට්ටිය එන්නේ නෑ. හේතුව, වැටුප ඉතාම පුංචියි. පොඩි වැටුපකට තමයි වැඩ කළේ. දැන් ගොඩක් කට්ටිය කියනවා ගුරුවරුන්ට නම් ප්‍රශ්නයක් නෑ, හතහමාර-එකහමාරනෙ කියලා. නෑ, හතහමාර-එකහමාර නෙමෙයි; මුළු ජීවිත කාලයම, ගුරු සේවා කාලයම ඒගොල්ලෝ රාජකාරියකම තමයි ඉන්නේ. මොකද ගුරුවරයා ගෙදර ගිහිල්ලා පොතක් කියෙව්වත් ඒ පොත කියවීමත් මේ වෘත්තියට සෘජුවම අදාළයි. ළමයින්ගේ පිළිතුරු පත්‍ර ලකුණු කරන එක, අවශ්‍ය කරන පැවරුම් සකස් කරන එක, අමතරව හවස් කාලෙත් අපේ ගුරුවරු ගොඩක් වැඩ කරනවා කිසිම අය කිරීමකින් තොරව. ඒ නිසා ඒක 'හතහමාර-එකහමාර' කියන එක එහෙම ම නෙවෙයි,"
යනුවෙන්. එසේම මෙම අවස්ථාවට වඩත්ත ශ්‍රී බෝධිනන්දාරාම විහාරස්ථානය ඇතුළු සූවිසිමහා විහාරස්ථානයන්හි අධිපති, රාජවන්නි කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අති පූජ්‍ය වඩත්තේ සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය, ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නියෝජිතයින්, අධ්‍යාපන බලධාරීන්, පාසලේ හිටපු විදුහල්පතිතුමා, වර්තමාන විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් සහ දෙමව්පියන් රැසක් එක් විය.