මහ වැසි මැද මරණයක් වාර්තා වෙයි - රිටිගහ ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඔයට වැටී අයෙක් ජීවිතක්ෂයට
By Kaushi
අද (20) දින උදෑසන ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ රිටිගහ ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා, එම ඔයට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අම්පාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක් බව සඳහන්.
මොහු අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය මාර්ගයේ, පොල්කටුවංගුව අසලින් ගලාබසින රිටිගහ ඔයට වැටී ඇති අතර, ප්‍රදේශවාසීන් සහ රුවන්වැල්ල පොලිසිය එක්ව සිදුකළ විශේෂ සෙවීම් මෙහෙයුමකදී ඔහු වැටුණු ස්ථානයට පහළින් වූ දිය වළක තිබී මෘත ශරීරය සොයාගෙන තිබෙන බව සඳහන්.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
එසේම පශ්චාත් මරණ පරීක්ෂණය කරවනැල්ල මූලික රෝහලේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුවවත් කරන්න ඒ කුරිරු රියදුරා ඉඩ දුන්නේ නැහැ.. පාසලම මළගමක් කර විදුහල්පති යන්නම යද්දි බිරිඳ කී සංවේදී කතාව