වතු කම්කරුවන් පිරිසකට දරුණු බඹර ප්‍රහාරයක් - පිරිසක් රෝහලට
වටවල පොලිස් වසමට අයත් බින්ඔය වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ 5 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
තේ වගා භූමියේ තිබූ තේ පඳුරක් මැද බැඳ තිබූ බඹර කූඩුවක් හදිසියේ ඇවිස්සී යාමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පාලනාධිකාරිය සහ වටවල පොලීසිය දැනුවත් කර ඇති අතර, තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
[MJQJYEH