ප්‍රදේශ කීපයකට අනතුරු ඇගවීමක්
Weather
Rain
Sinhala news
By Mithu
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්ඛාගේ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල, කුරුවිට, නිවිතිගල, කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) පස්වරු 02.00 සිට හෙට (20) පස්වරු 02.00 දක්වා ක්‍රියාත්මකයි. එම ප්‍රදේශවල සිටින ජනතාව විමසිලිමත්ව සිටින ලෙසට ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
