ඕමන්තෙයිහි බිහිසුණු මාරක අනතුරක් - දෙදෙනෙකු මිය ගොස් 13 දෙනෙකුට තුවාල [UPDATE]

Report

ඕමන්තෙයි A-9 මාර්ගයේ මැණික්කර්වල ප්‍රදේශයේදී සිදුවූ බරපතල රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 13 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සවස 7ට පමණ සිදුවී ඇති අතර, මහනුවර අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී මුලතිව් දෙසට ගමන් කරමින් තිබූ SUV වර්ගයේ මහින්ද්‍රා වාහනයක් ඕමන්තෙයි පොලිස් ස්ථානය ආසන්නයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී පාලනයෙන් ගිලිහී පීලි පැන ඉදිරියෙන් පැමිණි බර වාහනයක (ලොරියක) ගැටී ඇත.

තැපැල් වර්ජනයට ආණ්ඩුවෙන් රතු එළියක්

තැපැල් වර්ජනයට ආණ්ඩුවෙන් රතු එළියක්

අනතුරින් වාහනයේ ගමන් කළ ළමුන් හා කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු මාර්ගයට විසි වී ඇත. පොලිස් වාර්තාවලට අනුව, අනතුරට ලක්වූවන් විශ්වමඩු ප්‍රදේශයේ ඥාතීන් පිරිසකි. 33 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමියකු එම ස්ථානයේදීම මිය ගියහ.

මනූෂ නානායක්කාරට FCID කැඳවීමක්

මනූෂ නානායක්කාරට FCID කැඳවීමක්

තුවාල ලැබූ 13 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වෛද්‍යවරුන් පවසති.

තුවාලකරුවන් මාර්ගයෙන් ගමන් කළ අයගේ සහාය ඇතිව බේරාගෙන රෝහල් ගත කරන ලදී. අනතුර හේතුවෙන් A-9 මාර්ගයේ ගමනාගමනයට ද බාධා ඇති වූ බව වාර්තා වේ. ඕමන්තෙයි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි