බඩ අඩු කරගන්න ඕනෙද? කොහොමද? මෙන්න මේක කියවලා ඉන්න

Report

උදරය අඩු කර ගැනීම ඔබට හොඳ පෙනුමක් ලබා දෙනවා මෙන්ම එය ඔබ දිගු කලක් ජීවත් වීමට උපකාරී වේ.

බර අඩු කර ගැනීම, විශේෂයෙන් උදරයේ මේදය අඩු කිරීම, රුධිර වාහිනී ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අතර නින්දේ ගුණාත්මකභාවයද වැඩි දියුණු කරයි. ගුණාත්මක පුරුදු මගින් ඔබට මෙම අවධානමින් ආරක්ෂා විය හැකිය.

තැපැල් වර්ජනයට ආණ්ඩුවෙන් රතු එළියක්

තැපැල් වර්ජනයට ආණ්ඩුවෙන් රතු එළියක්

එම ගුණාත්මක පුරුදු උදරයේ මේදය පමණක් ඉවත් නොකරයි.

එය සමස්ථ ශරීරයේම මේදය අඩු කිරීමට උපකාරී වේ.

1. කාබෝහයිඩ්‍රේට් සීමා කිරීමට උත්සාහ කරන්න.

ජෝන්ස් හොප්කින්ස් පර්යේෂකයන් මාස හයක් තිස්සේ අඩු කාබෝහයිඩ්‍රේට් ආහාර වේලක් හරහා බර අඩු කර ගැනීම තුලින් හදවතට ඇති බලපෑම පරීක්ශා කර බැලූ අතර සාර්ථක ප්‍රතිපල ලබාදෙන අයුරු නිරීක්ෂණය කළේය. නමුත් ඒ සදහා සියලුම කාබෝහයිඩ්‍රේට් ආහාර ඉවත් කිරීම සුදුසු නොවේ. එය ශරීරයේ පටක වැඩීමට අත්‍යවශ්‍ය වේ. නමුත් අධික ප්‍රමාණයෙන් කාබෝහයිඩ්‍රේට් ශරීරයට ඇතුල් කිරීම අඩු කිරීම සෞඛ්‍යට හිතකර වේ.

අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

2. ආහාර ගැනීමේ දී සැලැස්මක් (Diet Plan) ගැන සිතන්න.

ඔබ අතට එන ඕනෑම ආහාරයක් කෑම වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ සැලැස්මක් තෝරා ගත යුතුය. කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර රටාවක් තෝරාගන්නේනම් වඩාත් සුදුසුය.

ඔබේ ශරීරය දුර්වල කරන කාබෝහයිඩ්‍රේට් සහ සීනි බහුල පාන්, බනිස් සහ සෝඩා වැනි තන්තු රහිත ආහාර වෙනුවට එළවළු, බෝංචි සහ සෞඛ්‍ය සම්පන්න මස් වැනි තන්තු හෝ ප්‍රෝටීන් බහුල ආහාර තෝරාගැනීම සුදුසුය.

3.ව්‍යායාම කරන්න

ශාරීරික ක්‍රියාකාරකම් උදර මේදය දහනය කිරීමට උපකාරී වේ. ව්‍යායාම වල ඇති ලොකුම ප්‍රතිලාභවලින් එකක් නම් එය ඔබේ ශරීර සංයුතියට විශාල සහයක් ලබා දෙයි. ව්‍යායාම මගින් විශේෂයෙන් බඩේ මේදය ඉවත් කල හැකි වේ. මක්නිසාද යත් එය ඉන්සියුලින් සංසරණ මට්ටම අඩු කරයි. ව්‍යායාම කරන්නේ නම් සෑම දිනකම මිනිත්තු 30 සිට 60 දක්වා කාලයක් ව්‍යායාමය කිරීම සුදුසු වේ.

තැපැල් වර්ජනයට ආණ්ඩුවෙන් රතු එළියක්

තැපැල් වර්ජනයට ආණ්ඩුවෙන් රතු එළියක්

4. ආහාර ඇසුරුම් ලේබල කියවන්න

වෙළඳ නාම වෙනුවෙන් හෝ මිල වෙනුවෙන් ආහාර මිලදී ගන්නවා වෙනුවට එහි අන්තර්ගතය අවබෝධ කරගෙන සංසන්දනය කරමින් ආහාර පාන මිලදී ගන්න.

5. සැකසූ ආහාර වලින් ඈත් වන්න.

ඇසුරුම් කරන ලද භාණ්ඩ සහ කෙටි ආහාරවල ඇති අමුද්‍රව්‍ය බොහෝ විට මේද, සීනි එකතු කර ලුණු හෝ සෝඩියම් එකතු කර සාදා ඇත. එමනිසා එවැනි ආහාර නොගැනීම වඩාත් යෝග්‍ය වේ.

6. සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන මිතුරන් සමඟ ඇසුරු කරන්න.

ඔබේ මිතුරන් සහ පවුලේ අය සෞඛ්‍ය සම්පන්න ආහාර වලට හා ක්‍රියාකාරකම් වලට පුරුදු වන්නේ නම් ඔබද එය හුරු වේ. ඔබ වටා ඇති පරිසරය හා පුද්ගලයන් ඔබේ පුරුදු රටා වලට හුරු වන බව පරීක්ෂණ මගින් ඔප්පු වී ඇත.  

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු