අගමැතිගේ රථය හැප්පූ සිසුවා අත්අඩංගුවට

Accident Harini Amarasuriya Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 18, 2025 04:19 AM GMT
Shehan

Shehan

Report

අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ පෙරගමන් රාජකාරියේ යෙදී සිටි අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත යතුරුපැදියක් අනතුරට ලක් කළ බවට සැකපිට ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවකු ඇහැළියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය රත්නපුර දක්වා පැමිණ තිබූ අතර, එම ගමනේදී ආරක්ෂක කටයුතු සඳහා යතුරුපැදි රථයක් පෙරගමන් රථයක් ලෙස යොදා ගෙන තිබුණි.

'ගංජා වවනවා.. කැසිනෝ අරිනවා.. අපේ වැඩ ටික ඒ විදිහටම යනවා’- කංසා රැජින ඩයනා කට අරී

'ගංජා වවනවා.. කැසිනෝ අරිනවා.. අපේ වැඩ ටික ඒ විදිහටම යනවා’- කංසා රැජින ඩයනා කට අරී

එම යතුරුපැදි රථය ඇහැළියගොඩ මෝරගල ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන් කළ තවත් යතුරුපැදියක ගැටී අනතුරට ලක්ව ඇත. වලංගු රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම හා ලියාපදිංචියකින් තොරව වාහන පැදවීම යන චෝදනා මත සැකකාර සිසුවාට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පොලිසිය පැවැසීය.

මරදාන - කොටුව අතර දුම්රිය පීලි පනී

මරදාන - කොටුව අතර දුම්රිය පීලි පනී

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි