පළාත් සභා මැතිවරණය 2026 මුල් මාස 6 ඇතුළත
පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමෙන් පසු 2026 වසරේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (අගෝස්තු 17) කිළිනොච්චියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"2025 වසරේ අපි ඡන්දයක් පැවැත්වුවා. 2024 දීත් නොවැම්බර් මාසයේ ඡන්දයක් පැවැත්වුවා. ලබන වසරේ මුල් මාස 6 තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. නීතිමය බාධා තිබෙනවා, ඒවා ඉවත් කරගැනීමට කටයුතු කරනවා" "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අපේ ප්‍රතිපත්තිමය තීරණයක් තිබෙනවා. එය පුළුල් ක්‍රියාවලියක්. නමුත් ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම අපේ ඉලක්කයයි. මැතිවරණයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පුළුල් දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා"
මෙම ප්‍රකාශය මගින් ආණ්ඩුවේ ඉදිරි සැලසුම්වල ප්‍රමුඛතාව ලබන වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට මුලපිරීම බව පැහැදිලි වේ.