ලංවීමට උණ ගැනිලා... පාඩුව බිලියන 18.47 ක්
ලංකා විදුලි බල මණ්‌ඩලයේ නවතම මූල්‍ය වාර්තාවලට අනුව 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව සඳහන් වේ.
2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කිරීම විශේෂත්වයකි.
නමුත් ලංකා විදුලි බල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.
කෙසේ නමුත් 2024 හා සැසදීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යෑමක් බවයි සඳහන් වන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී පහළ ගොස් තිබෙන අතර එය රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ යාමකි.
ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇත . එම අගය රු. බිලියන 144 කි.
2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම ද විශේෂත්වයකි.
