ළමයින් ගැන කතා කරන්න විශේෂ කමිටුවක්
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට අනුබද්ධව කාන්තා සහ ළමා අනුකමිටුවක් පිහිටුවීමට දැනුම් දී ඇත.
කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කාන්තා සහ ළමා අනුකමිටුව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, කාන්තා කාර්යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය, පළාත් පරිවාස දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කළුතර, මතුගම සහ හොරණ කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාස සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය යන ආයතන නියෝජනය කරන නිලධාරීන් ද මේ සඳහා සහභාගී වී තිබෙනවා.
මෙහිදී ළමා හා කාන්තා ඒකක ළමා මිතුරු ඒකක ලෙස දැනට පවත්නා ඒකක සංවර්ධනය කිරීම සහ පහසුකම් ලබාදීම, දිස්ත්‍රික්කයේ පාසල් නොයන ළමුන් පාසල් ගත කිරීමේ වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සංචිත අරමුදලක් ඇති කිරීම ආදී යෝජනා පිළිබඳව මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.