ධීවරයන්ට අනතුරු ඇගවීමක්... විශේෂ ගැටලුවක්..
By Sithumi
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම අනතුරු ඇඟවීම හෙට (19) පස්වරු 2.00 දක්වා වලංගු බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
එම මුහුදු ප්‍රදේවල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන ජනතාව විමසිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.