හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැය හතරක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අල්ලස් කොමිසමෙන් පිටව යයි
By Kanchana
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එම පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.
2007 වසරේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගුණවර්ධන මහතා කොමිෂන් සභාව වෙත කැඳවා තිබිණි.
ඒ අනුව, අද (02) පෙරවරුවේ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍යවරයා පැය හතරකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එම පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.