ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න යන අයට නීතියේ වෙනසක් - Course එක මාරු කළොත් සිදුවන දේ මෙන්න
ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ එමඟින් වීසා පද්ධතිය අවභාවිත කිරීම සීමා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය නව පියවර කිහිපයක් අද (02) සිට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව 2027 ජූනි 30 දක්වා පාසල් සිසුන් නොවන ජාත්‍යන්තර සිසුන්ට තම ප්‍රධාන පාඨමාලාව ආරම්භ කිරීමෙන් පසු වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට පෙර මාස 12ක් වත් එම ආයතනයේ රැඳී සිටීමට සිදුවනු ඇත.
මීට පෙර එම කාල සීමාව මාස 6ක් ලෙස පැවතිණි. කෙසේ වෙතත්, විශේෂ තත්ත්වයන් ඇති අවස්ථාවකදී හෝ අදාළ අධ්‍යාපන ආයතනය හෝ පාඨමාලාව ලියාපදිංචියෙන් ඉවත් කළහොත් එම කාල සීමාවට පෙර මාරුවීමට අවසර ලැබිය හැකිය.
2027 ජූලි 1 සිට නව වීසා ක්‍රමයක්
2027 ජූලි 1 වැනිදා සිට වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට අපේක්ෂා කරන සිසුන්ට නව ශිෂ්‍ය වීසා ක්‍රියාවලියක් යටතේ නව වීසා බලපත්‍රයක් ලබාගැනීමට සිදුවනු ඇත. එම නව වීසා බලපත්‍රය අනුමත වී තිබිය යුත්තේ නව අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙරය.
කෙසේ වෙතත්, නව වීසා බලපත්‍රය ලබාගත්තද මුල් වීසා බලපත්‍රයේ අවසන් දිනය වෙනස් නොවන බව සඳහන් වේ. ඒ හරහා පාඨමාලා හෝ අධ්‍යාපන ආයතන මාරු කිරීම මගින් වීසා කාලය දීර්ඝ කර ගැනීම වැළැක්වීම රජයේ අරමුණ වී තිබේ.
“ChatGPTට ‘සර්’ කියලා කතා කළ 77 හැවිරිදි පුද්ගලයා” - ගුවන් යානයේ යද්දී ව්‍යාපාරික වැඩකට උදව් ඉල්ලූ ඉන්දියානු වැඩිහිටියා කාගෙත් අවධානයට
ඩොලර් 1,200ක අමතර වියදමක්ද?
මෙම වෙනස හේතුවෙන් එක් සිසුවෙකුට ඩොලර් 1,200කට ආසන්න අමතර වියදමක් ඇතිවිය හැකි බවට ගණනය කර තිබුණද, එය රජය නිල වශයෙන් ප්‍රකාශ කළ වෙනම “Transfer Visa” ගාස්තුවක් නොවන බව සඳහන් වේ.
දැනට සාමාන්‍ය ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා ප්‍රධාන අයදුම්කරුගෙන් අය කරන ගාස්තුව ඩොලර් 2,500කින් පමණ ආරම්භ වන අතර, අයදුම්කරුගේ තත්ත්වය අනුව තවත් ගාස්තුද එකතු විය හැකිය.
එමෙන්ම සිසුන්ට තමන් දැනට සිටින සුදුසුකම් මට්ටමට සමාන හෝ ඊට ඉහළ මට්ටමේ පාඨමාලාවකට පමණක් මාරුවීමට අවසර ලැබෙනු ඇත. ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ සිට උසස් අධ්‍යාපන මට්ටමේ පාඨමාලාවක සිට VET පාඨමාලාවකට මාරුවීම නව ක්‍රමය යටතේ අවසර නොලැබෙන බව ඔස්ට්‍රේලියානු රජය සඳහන් කරයි.