සහන මිලට මේ රටේ ප්‍රධාන නගර සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා

Report

ඉන්දියාවේ ප්‍රමුඛතම අඩු වියදම් ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ සමාගම, ඉන්දියාවේ ප්‍රධාන නගර සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ඔක්තෝබර් 01 වනදා සිට නිල වශයෙන් යළි ආරම්භ කර තිබේ.

ඒ අනුව නවදිල්ලිය - කොළඹ සහ බැංගලෝර් - කොළඹ අතර දෛනික ගුවන් ගමන් යළි ක්‍රියාත්මක වන අතර, මාස 3ක පූර්ණ නතර කිරීමකින් පසු ඉන්දියාවේ ට්‍රිචි ගුවන්තොටුපළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර සෘජු ගුවන් ගමන් ද ඊයේ (01) සිට නැවත ආරම්භ විය.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

ට්‍රිචි - යාපනය ගුවන් සේවය සතියකට දින 3ක් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා) ක්‍රියාත්මක වන අතර, පස්වරු 1.05ට ට්‍රිචිවලින් පිටත්ව පස්වරු 1.50ට යාපනයට ළඟා වීමට නියමිතය.

නැවත ආරම්භ වූ මුල් දිනම මගීන් 88 දෙනෙකු ට්‍රිචි - යාපනය ගුවන් සේවාව භාවිත කර ඇති අතර, මෙමගින් තමිල්නාඩුව සහ උතුරු පළාත අතර සංස්කෘතික, වෙළෙඳ සහ පවුල් සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.

මේගොල්ලන්ට තියෙන එකම නිවුස් එක තමයි රිමාන්ඩ් කරන එක..​ ජනාධිපතිතුමාත් රට වටේ ගිහිල්ලා ඒකනේ කියන්නේ - ජොන්ස්ටන්ට යකා වැහෙයි

මේගොල්ලන්ට තියෙන එකම නිවුස් එක තමයි රිමාන්ඩ් කරන එක..​ ජනාධිපතිතුමාත් රට වටේ ගිහිල්ලා ඒකනේ කියන්නේ - ජොන්ස්ටන්ට යකා වැහෙයි

මෙම සෘජු ගුවන් මාර්ග යළි විවෘත වීම දෙරට අතර සංචාරක, ව්‍යාපාරික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනයට මෙන්ම කලාපීය ආර්ථික පුනර්ජීවනයට ද මහත් පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.