නම් 1000ක් අතරින් තේරුණු එක - දෙහිවල හිපෝ පැටියාට “මෝමෝ” කියලා නම තිබ්බ හැටි
දෙහිවල සත්වෝද්‍යානයේ පසුගියදා උපත ලැබූ නයිල් හිපෝ පැටවාට නමක් යෝජනා කිරීම සඳහා පැවැත්වූ තරගයෙන් තෝරාගත් නම ඊයේ (01) ලෝක ළමා දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම නම යෝජනා කිරීමේ තරගයට කුඩා දරුවන් රැසක් ආදරයෙන් හා උනන්දුවෙන් සහභාගී වී ඇති අතර, ඒ සඳහා නම් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
ඒ අතරින් දෙහිවල සත්වෝද්‍යානයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් තෝරාගත් නම ලෙස “මෝමෝ” යන්න නම් කර තිබේ
“මෝමෝ” යන නම ප්‍රථමයෙන් යෝජනා කළ පුංචි දියණිය වන අවන්ධා ටමාරි වෙත ත්‍යාග පිරිනැමීමද ඊයේ දෙහිවල සත්වෝද්‍යානයේදී සිදුකරන ලදි ආදරණීය “මෝමෝ” වෙත දැක්වූ සෙනෙහස වෙනුවෙන් සියලු දෙනාට ස්තූතිය පළ කරන අතර, මෝමෝව දැකබලා ගැනීමට දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන ලෙසද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ආරාධනා කරනු ලබයි