වනිඳුට රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන්ගෙන් ඉහළම මිලක්.. කීයක් ද ඒ කියලා දන්නව ද?.

Report

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකට මිල දී ගෙන තිබෙනවා.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ය.

වනිඳු වෙනුවෙන් මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කරට කර ලංසු තබන ආකාරය දැකගත හැකි විය.

නව රජයෙන්.. රුහුණ විශ්වවිද්‍යාලය ගැන වහාම විශේෂ තීරණයක් අරන් මෙන්න..

නව රජයෙන්.. රුහුණ විශ්වවිද්‍යාලය ගැන වහාම විශේෂ තීරණයක් අරන් මෙන්න..

මේ අතර, අද (24) ආරම්භ වූ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලකට අලෙවි විය.

මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට අදාළ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි විය.

You May Like This Video 👇

.