මැච් එක දින්නට පස්සේ වනිඳු කීව දෙය..

Report

20 - 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගය ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මැච් එක දින්නට පස්සේ වනිඳු කීව දෙය.. | Wanindu Hasaranga

එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමේ සම්පූර්ණ වගකීම තමා ඇතුළු කණ්ඩායම භාරගන්නා බවයි. 

වැඩිදුරටත් අදහස් වනිඳු හසරංග කියා සිටියේ මෙවැන්නකී,

"ඇත්තටම ගොඩක් කනගාටුයි. මුලින්ම කියන්න ඕනේ. කණ්ඩායමක් විදිහට අපේ කණ්ඩායම කොච්චර හොඳ කණ්ඩායමක් ද කියලා. ඒත් අපේ අවාසනාවට අපේ ඒ ගේම් එක් මුල් තරගවලට ගෙනාවේ නෑ.මේ තරගය ජයග්‍රහණය කරනකොට අපි පරක්කු වැඩියි. ගිය ලෝක කුසලානෙත් මේ ලෝක කුසලානෙත් අපි අපේ අඩුපාඩු ගැන කතා කළා. තවමත් අපි ඒවා හදාගෙන නැහැ. පරාජය වුණාම අපිට තණ තීරුවලට සහ විවිධ දේවල්වලට කතන්දර කියන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් ක්‍රිකටස්ලා විදිහට අපිට හොඳ නැති දෙයක්. අනිත් රටේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නෙත් ඒ තණතීරුවේ. ඒ නිසා අපිත් හැඩ ගැහෙන්න ඕනේ. කණ්ඩායමක් විදිහට සහ නායකයා විදිහට සම්පූර්ණ වගකීම මම ඇතුළු කණ්ඩායම භාර ගන්නවා."