නිවසක් තුළින් නාදුනන මළ සිරුරක් හමුවෙයි
Sri Lanka Police
Sri Lanka
Crime
By Sewvandhi
වැල්ලම්පිටිය ලංසියාවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක තිබී සැකකටයුතු මළසිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මුලස්ථානය සදහන් කළේ ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ නිවසේ කාමරයක තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇති බවය.
මරණකරුගේ අන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මළසිරුර පොලිස් ආරක්ෂාව යටතේ පවතී.
මෘත ශරීරය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් අනතුරුව පශ්වාත් මරණ පරික්ෂණය සිදුකිරිමට නියමිත බව පොලිස් මුලස්ථානය පැවසීය.
....................................
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
