පුතානොට කළින් ඉස්සර වුණ හර්ෂ නිවේදනයකින්ම කියලා දායි

SJB Harsha de Silva Sinhala news Tariff Breaking News
By Kaushi Aug 01, 2025 06:46 AM GMT
Kaushi

Kaushi

Report

ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙරට මත පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩු කිරීම ජයග්‍රහණයක් බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

ඒ අනුව ඔහු විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම බදු අඩුකිරීම ඔස්සේ මෙරට කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව මන්ත්‍රී හර්ෂද සිල්වා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වූයේ,

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

"ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත. ඒ පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි. මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි." යනුවෙන්.

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

ReeCha