ඩොක්ටර් පට්ටමත් එක්ක පාර්ලිමේන්තුවෙ ඉඳ ගන්න ආවට අර්චුනාගේ මන්ත්‍රී පට්ටමට මොනවා වෙයිද? අධිකරණයෙන් දින

Report

අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රීධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අද දින ලබා දී තිබෙනවා.

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

ඒ අනුව මෙම පෙත්සම අද මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත. එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සඳහා පෙනී සිටි නීතීඥ සෙනානි දයාරත්න අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීමට කල් ලබා දෙන ඉල්ලා සිට තිබෙනවා.

ඒ අනුව නඩුකරයට එම විරෝධතා සති හතරක් තුළ ගොනු කිරීමට කල් ලබා දුන් විනිසුරු මඩුල්ල ඊට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සති දෙකක් තුළ ගොනු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දී ඇති බව සඳහන්.

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

පසුව අඳාළ පෙත්සම එළඹෙන සැප්තැම්බර් මස 26 වන දින කැඳවීමට දින නියම කර ඇත.

අඳාළ පෙත්සම සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරු පවසන්නේ වග උත්තරකාර රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේ රජයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි බවයි.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ සේවයේ නිරතව සිටියදී පාර්ලිමේන්තුවට තේරී පත්වීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත්, ඒ අනුව ඔහුට එම අවස්ථාවේදී මන්ත්‍රී ධුරයට තේරී පත්වීමට නුසුදුසු තත්ත්වයක පසුවු බවත් පෙත්සම්කරු පවසා තිබෙනවා.

තවද අදාළ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාදීකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?