ඩඩ්ලිටනේ මඩ ගැහුවේ මෙන්න ඩඩ්ලිලි හැමෝටම පේන්න පළමු වතාවට අලුත් වැඩක් කරයි

Report

පසුගිය කාලසීමාවේදී බොහෝ දෙනෙක් කතා කරපු චරිතයක් තමයි ඩඩ්ලි සිරිසේන කියන්නේ.එහෙමත් නැත්නම් අරලිය සහල් ව්‍යාපාරයේ නිර්මාතෘ.

ඔහු පිළිබඳව මේ විදිහට වැඩි වශයෙන් කතා කරේ පසුගියදා වැව්රක්ෂිත ආශ්‍රිතව අනවසරයෙන් ඉදිකර ඇති ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරනවා කියන කරුණත් සමඟයි.

සිංගප්පූරුවේ රනිල්ගේ යාළුවෙක් ඉන්නවා එයත් අපරාධකාරයෙක් - ලාල් කාන්තගෙන් විශේෂ අනාවරණයක්

සිංගප්පූරුවේ රනිල්ගේ යාළුවෙක් ඉන්නවා එයත් අපරාධකාරයෙක් - ලාල් කාන්තගෙන් විශේෂ අනාවරණයක්

කොහොම නමුත් පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ තියෙන ඩඩ්ලිගේ අරලිය හොටෙල් එකත් මේ විදිහට අනවසර ඉදිකිරීමක් කියලා තමයි ප්‍රසිද්ධ වුණේ.

ඉතින් ඒ දේවල් එක්ක ආණ්ඩුවේ මැති ඇමතිවරු පවා ඔහුට දෝෂාරෝපණ එල්ල කරද්දී සියල්ල සම සිතින් නිහඬව දරා සිටි ඩඩ්ලි අලුත් වැඩක් කරලා තියෙනවා.ඔහු ප්‍රථම වතාවට tv commercial එකක් නිර්මාණය කරලා තියෙනවා.

ඒක තමයි ඔහුගේ අලුත්ම වැඩේ. මේ commercial එකට මුල් වෙන්නේ ඔහුගේ ව්‍යාපාරය. ඉතින් ඒ වීඩියෝ තමන්ගේ මුහුණු පොත හරහා පළ කරමින් ඩඩ්ලි මුහුණු පොතට එක්කොට තිබුණේ පහත ආකාරයේ සටහනක්.

"Product එකේ end quality එක ඇරෙන්න කිසිම marketing strategy එකක් භාවිතා නොකර දශක තුනක් පුරාවට ව්‍යාපාර කරපු මම විසින් කරන්නට යෙදුණ, එකම එක TVC එක තමයි මේක.! ඒ සුවිශේෂී ව්‍යාපෘතිය මම සිදුකළේ, මගේ Araliya Agro Holdings කියන ආයතනය වෙනුවෙන්.! ඒකෙ Tag line එක වුණේ ' මුලු මහපොළවම සරු කරවන, ගොවිකමේ වත්කම ' කියන එක. මොකද මට ඕන වුණා, පොහොර සහ බිත්තර වී සහ බීජ කියන ව්‍යාපාර වටා බැඳී ඉන්න බහුජාතික සමාගම් සියල්ලටම අපේකම සහ අපේ දේ කියන අභියෝගය බාර දෙන්න."

මාව දේශපාලනයට ගෙනාවේ රනිල් - ඇමරිකාවේ ඉදන් රනිල් බලන්න ආව හර්ෂ

මාව දේශපාලනයට ගෙනාවේ රනිල් - ඇමරිකාවේ ඉදන් රනිල් බලන්න ආව හර්ෂ