නිකරුණේ ලෙඩ්ඩු මැරෙන එක අහන්න දෙයක්ද? කලින් ආණ්ඩුව අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කළ මුදලින් 80%ක් ඉතුරු කරලා
2025 වසර සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් 474 874 000 000 හෙවත් බිලියන 48 කට ආසන්න වෙයි.
නමුත් අයවැයෙන් සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් මේ දක්වා වියදම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අසමත්ව ඇති බව, හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඖෂධ සැපයීම සඳහා වෙන්කළ මුළු ප්‍රතිපාදන මුදල රුපියල් බිලියන 18 කට අධික වන අතර මින් මේ දක්වා භාවිතා කොට ඇත්තේ සියයට 19 කට ආසන්න ප්‍රමාණයක් ප බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී ඇස් කරුණාරත්ත මහතාගේ අත්සනින් යුක්තව 05.07.2025 දින නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.
උපකරණ මිලදී ගැනීම සඳහා වෙන්කළ රුපියල් කෝටි 1300 කට අධික මුදලින් මේ දක්වා වියදම් කොට ඇත්තේ සියයට දොළහකට ආසන්න ප්‍රතිශතයකි. නව ගොඩනැගි ඉදිකිරීම් සඳහා වෙන්කළ මුදලින් සියයට දාසයකට ආසන්න ප්‍රමාණයක් පමණක් වියදම් කොට ඇති අතර න් මාතෲ සහ ළමා සෞඛ්‍ය සඳහා වෙන්කළ රුපියල් කෝටි සියයකට ආසන්න මුදලින් මේ දක්වා වියදම් කොට ඇත්තේ සියයට පහකට ආසන්න ප්‍රමාණයකි.
බෝවන රෝග ව්‍යාප්තිය සඳහා වෙන් කළ මුදලින් භාවිතා කොට ඇත්තේ සියයට දශම තුනකට ආසන්න ප්‍රමාණයක් වන අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය සඳහා වෙන්කළ මුදලින් භාවිතා කොට ඇත්තේ සියයට තුනකට ආසන්න ප්‍රමාණයක් ය.
ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ දියුණුව සඳහා රුපියල් කෝටි නමසීයකට ආසන්න මුදලක් ලබා දී ඇති අතර මේ දක්වා ඉන් භාවිතා කොට ඇත්තේ සියයට අටකට ආසන්න ප්‍රමාණයකි.
මේ තවත් ඉතා භයානකානාවරණයක් වන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අරමුදල ලෙස රුපියල් කෝටි 19කට ආසන්න මුදලක් ලැබී ඇති අතර ඉන් කිසිදු මුදලක් මේ දක්වා වියදම් නොකළ බව අදාළ වාර්තාවේ සඳහන් වීමයි.
මේ පිළිබඳව වත්මන් රජය නොයෙකුත් ආකාරය සාකච්ඡාවන් පවත්වා ඇති අතර එවැනි සාකච්ඡාවන් අතර තුර හෙළි කරුණු ලෙස මේවා දැක්විය හැකිය.
මේ ආකාරයෙන් අදූරදර්ශීව කටයුතු කළ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු වගකිවයුතු සියලුම දෙනාට දඬුවම් පැමිණවීමට රජය කටයුතු සූදානම් කරන බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
