අවුරුදු 30ක් ෆ්‍රිජ් එකේ තිබ්බ කළලයෙන් ලොව වයස්ගතම බිළිඳා බිහි වෙයි
ලොව "වයස්ගතවම උපන් බිළිඳා" එක්සත් ජනපදයේ උපත ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2025 ජූලි 26 වන දින ලෝකයට පිවිසි තැඩියස් ඩැනියෙල් පියර්ස් උපත ලැබුවේ වසර 30 කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කළලයකින් බව සඳහන්.
මෙම කළලය 1994 දී නිර්මාණය කරන ලද්දක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම කළලය 1994 සිට එක්සත් ජනපදයේ ඔහායෝ හි ජීවත් වන ලින්ඩ්සේ සහ ටිම් පියර්ස් විසින් දරුකමට හදා ගැනීමට ඡීව විද්‍යාත්මක මවගෙන් ලබා ගෙන ඇති බව සඳහන්.
අනතුරුව 2024 නොවැම්බර් මාසයේදී ලින්ඩ්සේගේ ගර්භාෂයට කළලය මාරු කර තිබෙනවා.
මේ අතර දරුවාගේ ජීව විද්‍යාත්මක මව සහ පියා 1990 ගණන්වලදී IVF ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.