ලංකාවම හඩවමින්, ආදරණීය කලාකරුවෙක් මෙලොව හැරදා යන්නම ගිහින්.. (PHOTOS)

By krishani Sep 22, 2024 05:27 PM GMT
Report

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 77 වැනි වියේ පසු විය.

මොකද වෙන්නෙ කියලා.. රටම බලන් ඉන්න මේ වෙලාවේ.. මාලිමාවෙන් මේ දැන් උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..

මොකද වෙන්නෙ කියලා.. රටම බලන් ඉන්න මේ වෙලාවේ.. මාලිමාවෙන් මේ දැන් උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න..


ඔහු පුංචි තිරයත් රිදී තිරයත් එක ලෙස ජයගත් ප්‍රතිභාන්විත රංගන ශිල්පියෙක් වේ.

රංගනයෙන්, සහාය අධ්‍යක්ෂණයෙන් සහ ගීත රචනයෙන් මෙරට කලාවට විශාල සේවාවක් ඉටු කළ ආදරණීය රංගන ශිල්පියෙක් ලෙස ඔහුව හැදින්විය හැකිය.

ඩබ්ලිව්.ජයසිරි විසින් පබැදින ලද ප්‍රථම ගීතය පටිගත වන්නේ 70 දශකයේ මුල් භාගයේ දී ය.

09 වෙනි විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණ.. අනුර කුමාර කරන්න යන වෙනස මෙන්න..

09 වෙනි විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණ.. අනුර කුමාර කරන්න යන වෙනස මෙන්න..


1973 වසරේ සිට දාහකින් එකෙක්, දියමන්‍ති, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් , සෙලීමා , චිට්ටි , අයෝමා ආදී චිත්‍රපටවලට ඔහු මුල් කාලීනව දායක විය.

එමෙන්ම, ඉතින් ඊට පස්සේ, කූඹියෝ, රන් දම්වැල් ආදී ටෙලිනාට්‍යවලටත් ඔහු දායක විය.

කෙසේ වෙතත්, මෙයට අමතරව ඔහු දුම්බරා හිනැහෙන්නේ(බඹරු ඇවිත්),ආදරයේ ඔබ ඔබමයි(බඹරු ඇවිත්) ආදී ප්‍රසිද්ධ ගීත ද රචනා කර තිබෙනවා.

GalleryGalleryGalleryGallery