මැතිවරණ ඉතිහාසයේ තවත් තීරණාත්මක නඩු තීන්දුවක් දීලා..තීරණය මෙන්න..

Ranga Disanayake Referral organization Buddika c Ragala Asadh Saali Monaragala court
By Sewvandhi Sep 14, 2021 10:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක්කරමින් මොනරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදී තිබූ බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයින්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුකරයට අදාළ තීන්දුව ලබාදෙමිනි.

පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව එම නඩුව ගොනුකර තිබුණි. ඒ අනුව පැෆ්රල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අල්ලස් ලබාදී ජයග්‍රහණය කළ අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට අධිකරණය නියෝග කළ බවය.

මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්ෂකයන් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙළඹෙනු ඇති බව එම සංවිධානය පවසයි. යම් හෙයකින් එසේ කෙරුවද ඕනෑම මොහොතක ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කිරීමට ඉඩකඩ සැලසෙනු ඇති බව පෙන්වා දෙයි.

එපමණක් නොව අපේක්ෂක වියදම් සීමාකිරීමේ නීති සම්පාදනයේ අවශ්‍යතාවය හා මැතිවරණයකදී සමබිමක අවශ්‍යතාවය නැවත වරක් අවධාරණය වී ඇති බවද පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවූයේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මකවීම හේතුවෙන් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නීතීඥවරුන් ගොනු කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා අද (14) යළි ප්‍රතික්ෂේප කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත ඇත.

මෙම නඩුවේ සැකකරු විසින් මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම නඩුව අංක දෙක මහාධිකරණය ඉදිරියේ ලබන නොවැම්බර් මස විභාගයට ගැනීමට නියමිත බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha