හදිසියේම වීසා තහනම් කරන්න යයි..ඇමතිගෙන් දැනුම්දීමක්..
ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා ගෙන විදේශගතවිම් වළක්වා ගැනීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ඊයේ(21) විවෘත කර තිබේ.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මිනිස් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බළකායේ නිර්දේශ මත මෙම ඒකකය පිහිටුවා ඇත.
මනුෂ නානායක්කාර මහතා පවසන්නේ, මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති නිසා එය වළක්වා ගැනීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බවයි.
මේ ඒකකය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සේවයෙහි යොදවා තිබේ.
මෙම ඒකකයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු මෙහි සිදු කළයුතු සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
