ආයෙත් කොවිඩ් - ඇමරිකාවෙන් පටන් ගන්න කොරෝනා [PHOTOS]
කොරෝනා වෛරසය ආසාදනය වූ වඳුරන් එක්සත් ජනපදයේ පලා ගොස් ඇති බවට වාර්තා පළ වී තිබේ. ලුසියානා හි නිව් ඕර්ලියන්ස් හි ටියුලේන් විශ්ව විද්‍යාලයේ රසායනාගාර වඳුරන් එක්සත් ජනපදයේ මිසිසිපි අධිවේගී මාර්ගයෙන් පලා ගොස් ඇත.
එනම්, වඳුරන් රැගෙන ගිය ට්‍රක් රථය පෙරළී අනතුරක් සිදු වී ඇත. ඉන් හෙපටයිටිස් සී සහ කොරෝනා (කොවිඩ්-19) වැනි වෛරස් කිහිපයකින් ආසාදනය වූ වඳුරන් පලා ගොස් තිබේ.
මෙම සිදුවීම මහජනතාවට සෞඛ්‍ය අවදානමක් ඇති කළ හැකි බවට නිලධාරීන් අනතුරු අඟවා ඇත.
බලධාරීන් වාර්තා කරන්නේ පලා ගිය වඳුරන්ගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ල විනාශ කල බවයි.
කෙසේ'නමුත් පලා ගිය එක් වඳුරෙකු සොයා ගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව එරට බලධාරීන් වාර්තා කරයි.
