හිස් අතින් ඔස්ට්‍රේලියාවට ගිය ලාංකිකයෙක් කෝටිපතියෙක් වූ හැටි රටම උණුසුම් කරයි..හැමෝම හොයන එම සිදුවීම මෙන්න.
වසර නමයකට පමණ පෙර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකික තරුණයෙක් මේ වනවිට මිලියනපතියෙක් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිට්නවා.
දැනට මෙල්බර්න් නගරයේ වාසය කරන විනුල් කරුණාරත්න 25 හැවිරිදි තරුණයෙක්.
ඔහු එරටට යන විට වැඩි මුදලක් අතේ නොතිබූ බවයි පැවසෙන්නේ.
සිය අධ්‍යාපන කටයුතු කරන අතරතුර රාත්‍රියේ තාවකාලික පදනමින් එරට සුපිරි වෙළෙඳසැලක සේවයේ නිරතව වීමට ද විනුල් කටයුතු කර තිබේ.
එසේම විවේක කාලයේදී නිවාස පිරිසිඳු කිරීමේ කටයුතුවලද ඔහු නිරත වී තිබීම විශේෂ්වයක්.
එමඟින් ලැබුණු ආදායම හොඳ වූ බැවින් ඔහු පසුව එරට ප්‍රකට Airtasker නම් වෙබ් අඩවිය හා ද එක්වී ඇත.
එම වෙබ් අඩවිය විවිධ සේවා සපයන්නන් ව සපයා ගැනීමට උපකාර කරන වෙබ් අඩවියක්.
මේ වනවිට එම වෙබ් අඩවිය හා සම්බන්ධ වැඩිම ආදායම් ලබන පළමු 10 දෙනා අතර විනුල් සීටීම සතුටට කාරණයක්.
විනුල් ගේ සේවාව සඳහා වැඩි ඉල්ලුමක් ලැබෙන බවත් ඔහුගේ දෛනික ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ත් - 1,400ත් අතර වන බව සඳහන් වේ.
තමා සිහින මවමින් සිටි මෝටර් රථය මිලදී ගැනීමටත්, ශ්‍රී ලංකාවේ වාසය කරන සිය දෙමව්පියන්ට නිවාසයක් මිලදී ගැනීමටත් ඔහු සමත්ව තිබෙන බවයි පැවසෙන්නේ.
මේ වනවිට පූර්ණ කාලීනව එම රැකියාවට යොමුවීමට ක්‍රියාකර ඇති විනුල් එරටින් නිවාසයක් මිලදී ගැනීමටත් වෙනත් අංශවල ආයෝජනය කිරීමටත් සැලසුම් කිරීම විශේෂයක්.