බලයට ඇවිත් මාස දෙකක් යන්නත් කළින් තලපති විජේගේ රජය පෙරළෙයි.. මුළු තමිල්නාඩුවම උණුසුම් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක් එළි වෙයි

Report

තමිල්නාඩු පරිපාලනය බලයට පත් වී මාස දෙකකටත් අඩු කාලයකදී විජේගේ නායකත්වයෙන් යුත් තමිලග වෙට්‍රි කසාගම් (TVK) රජය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව තමිල්නාඩු පොලිසිය විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.

ඒ රාජ්‍ය බුද්ධි දෙපාර්තමේන්තුව එම කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

මේ අතර පොලිස් ආරංචි මාර්ගවලට අනුව, චෝදනා එල්ල වී ඇති සැලැස්මට රජය පෙරළා දැමීම වෙනුවෙන් TVK මන්ත්‍රීවරුන් 15 දෙනෙකු එකවර ඉල්ලා අස්වීම ඇතුළත් විය.

ඒ අනුව පොලීසිය මඟින් චෙන්නායි හි උපදේශන සමාගමක සේවකයෙකු සහ කරූර් හි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ තමිල්නාඩු සභාවේදී කථානායකවරයාට එරෙහිව යෝජිත විශ්වාසභංග යෝජනාවකට පක්ෂව ඡන්දය දීම වෙනුවෙන් දුරකථනයෙන් රුපියල් කෝටි 35 ක මුදලක් පිරිනැමූ බවට චෝදනා කරමින් තමිලග වෙට්‍රි කසාගම් පක්ෂයේ උතංගරායිහි මන්ත්‍රී එන් එලයියරාජා විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

අඳාළ පැමිණිල්ලේ දී එලයියරාජා චෝදනා කර ඇත්තේ, විත්තිකරුවන්ගෙන් එක් අයෙකු වන තිරුනාවුකරසු, දේශපාලන සංවිධානයකට සම්බන්ධ බව හඳුන්වා දුන් බවත්, කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉක්මනින්ම සභාවට ගෙන එන බවත්ය.

එසේම යෝජිත යෝජනාව අතරතුර යම් ආකාරයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට රුපියල් කෝටි 35 ක මුදලක් ලබා දුන් බවට තමිලග වෙට්‍රි කසාගම් මන්ත්‍රීවරයා චෝදනා කර ඇත.

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

එමෙන්ම ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කළ විට, විත්තිකරු තමාට සහ ඔහුගේ පවුලේ අයට හානි කරන බවට තර්ජනය කළ බව ද පැමිණිල්ලේ සඳහන්. මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අත්අඩංගුවට ගත් එක් අයෙකු DMK නායක සෙන්තිල් බාලාජි සමඟ සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බවයි.

DMK නායකයාගේ සහෝදරයා වන වී අශෝක් කුමාර් චෙන්නායිහිදී චූදිත නරේෂ් හමුවූ බවට චෝදනා එල්ල වී ඇත.

එසේම මෙම අත්අඩංගුවට ගැනීම්වලට ප්‍රතිචාර වශයෙන් විජේ නායකත්වයෙන් යුත් රජය අස්ථාවර කිරීමට උත්සාහ කරන බවට TVK චෝදනා ක‍ර ඇත.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය කියා සිටියේ දේශපාලන විරුද්ධවාදීන් TVK රජය පිහිටුවීම වැළැක්වීමට උත්සාහ කළ බවත්, දැන් අශ්ව වෙළඳාමක් හරහා එය දුර්වල කිරීමට උත්සාහ කරන බවත්ය.

එමෙන්ම අතරමැදියන් තම මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි ගණනක මුදලක් පිරිනැමීමට උත්සාහ කළ බවට TVK තවදුරටත් චෝදනා කළ අතර, අත්අඩංගුවට ගැනීම් මගින් රජයට එරෙහි කුමන්ත්‍රණයක් වශයෙන් විස්තර කළ දේ අනාවරණය වූ බව සඳහන් කර ඇත.  

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට