කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ නිරන්තරයෙන් සැරිසරන මීයන් හේතුවෙන් එහි පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවයකට සහ සෞඛ්‍යමය අනාරක්ෂිත තත්ත්වයට පත්ව සිටින බව වාර්තා වේ.
කොළඹ අවට පදිංචිකරුවෝ බොහෝ දෙනකු සති අන්තයේ දිනවල රාත්‍රිය වනතුරු විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටීමට පුරුදු වී සිටින අතර එසේ කුඩා දරුවන් සමඟ පැමිණෙන ජනතාව උද්‍යානයේ තැන් තැන්වල බිම වාඩි වී ආහාර ගනිමින්, ක්‍රීඩා කරමින් විනෝද වේ. එහෙත් උද්‍යානයේ තැන් තැන්වල සැරිසරන විශාල ප්‍රමාණයේ මීයන් හේතුවෙන් මෙසේ පැමිණෙන ජනතාවට ගැටලුවක් වී තිබෙනවා.
එමෙන්ම කැළි කසළ එකතු කරන කුණු කූඩ සහ උද්‍යානයේ ගස් මුල් ආශ්‍රිතව මීයන් ගුල් හාරාගෙන ජීවත් වන අතර උද්‍යානයේ තැන් තැන්වල එසේ හෑරූ ගුල් දක්නට හැකි බව සඳහන්.
තවද රාත්‍රී කාලයට මෙම මීයන් ගුල්වලින් පිටතට පැමිණ ආහාර සොයා තැන තැන ඇවිදිමින් කාලය ගතකිරීම නිසා උද්‍යානයට පැමිණෙන ජනතාවට සෞඛ්‍යමය තර්ජනයක් මතුව ඇති බව සඳහන්. ඇතැම් මීයෝ මිනිසුන්ට හුරුව සිටීම නිසා මිනිසුන්ගේ ළඟටම පැමිණීමත් මිනිසුන් විසින් ආහාරයට ගෙන ඉතිරි වූ කැලි කසල කෑමට මිනිසුන් අසලටම පැමිණ ආහාර සොයන අයුරු දක්නට ලැබෙන බව සඳහන්.
ජනතාව සඳහන් කරන්නේ කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීමට ඇති උපකරණ මත පවා මෙම මීයන් ඇවිද යාම දරුවන්ට බොහෝ සෞඛ්‍යමය අනාරක්ෂිත තත්ත්වයක් බවයි.
එබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ විහාරමහාදේවි උද්‍යානයේ දීර්ඝ කාලයක සිට සැරිසරන මීයන් මර්දනය කිරීමට කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි.