ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්
අද (04) ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කළේ ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365ක් වෙයි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815ක් වෙයි.