දසුන් සහ නුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි මෙවර යාවත්කාලීන වීමේදී ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි ඉහළ පැමිණීමට සමත් වී තිබේ.

පෙරේදා (22 වැනිදා) සිදුවූ මෙම යාවත්කාලීන වීමෙහිදී විස්සයි විස්ස පන්දු යවන්නන් අතරින් නුවන් තුෂාර සිය ඉහළම ශ්‍රේණිගත කිරීම් ලකුණු සමග 13 වැනි ස්ථානය දක්වා ස්ථාන තුනකින් ඉදිරියට ඒමට සමත්ව ඇති අතර, වනිදු හසරංග තවමත් එහි 6 වැනි ස්ථානයෙහි ස්ථාවරව සිටියි.

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

9 වැනි ස්ථානයෙහි රැඳී සිටි මහීෂ් තීක්ෂණ 11 වැනි ස්ථානය දක්වා පියවර දෙකකින් පසු බැස ඇත.

එසේම විස්සයි විස්ස පිතිකරුවන් අතරින් පසුගිය තරගාවලිය තුළ ප්‍රගමණයක් පෙන්නුම් කළ එකම ක්‍රීඩකයා බවට පත් වූ දසුන් ශානක, පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පියවර 3ක් ඉදිරියට එමින් 75 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි.

එසේම දසුන් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් එක් පියවරක් ඉදිරියට පැමිණෙමින් 20 වැනි ස්ථානයට පත්ව ඇත.

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි

පිල්ලෙයාන්ගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන්න තීරණය කරයි