ප්‍රවීණ පුවත්පත් කලාවේදී රංජිත් කුමාර දිවි සැරියෙන් සමු ගනියි.(PHOTOS)

Cinema Lead Sri Lanka Social Media Death Social Media
By Parami Dissanayake May 10, 2024 02:40 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද(10) දිනයේ දී ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 77 වන වියේ පසු වූ මෙතුමා දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යයේ ක්ෂේත්‍රයේ කටයුතු කර ඇත.

එතුමා ඒ.ඩී. රංජිත් කුමාර සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කතෘධූර හොබවා ඇති අතර, සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරය ද හොබවා ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රවීණ පුවත්පත් කලාවේදී රංජිත් කුමාර දිවි සැරියෙන් සමු ගනියි.(PHOTOS) | Veteran Newspaperman Ranjith Kumara Passed Away

කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයා වන මෙතුමා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ද විය.

ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල භාවිතය ගැන විශේෂ දැනුම්දීමක්.

ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල භාවිතය ගැන විශේෂ දැනුම්දීමක්.


එමෙන් ම, ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥ්‍යයෙක් ලෙසත් හැඳින්වීමට හැකි අතර, මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම සිනමා මාධ්‍යවේදියෙකු ලෙස ද මෙතුමා සැලකිය හැකිය.

2017 වසරේ දී ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය උදෙසා වූ ජනාධිපති සම්මානයේ හිමිකරු බවට පත්වූයේත් ඒ.ඩී .රංජිත් කුමාරය.

එතුමාගේ දේහය හෙට (11) දිනයේ උදෑසන 08.00ට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

එතුමාගේ අවසන් කැමැත්ත අනුව දේහය සෙනසුරාදා එනම් හෙට(11) උදෑසන 10.00ට කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිතව ඇත.

Gallery