ලංකාවම හඬවමින් ගුරුවරියන්ගෙන් පහර කෑ සිසුවිය අවසන් ගමන් යයි..!

School Incident Latest Headlines School Children
By Sewvandhi Nov 16, 2024 04:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි සිසුවියක් මියගොස් තිබේ.

වෙන්නප්පු ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි රමේෂා දිනිති නම් සිසුවියක් මෙලෙස මියගොස් තිබෙනවා.

මොළයට රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි, මියගිය දැරියගේ දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.

අනුව සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇප මත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා නැවතත් පසුගිය 14 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසයි.

එනම් අදාළ දැරිය තවත් සිසුවියක් සමගින් පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීමට විනාඩි 20කට අධික කාලයක් ගත වූ බවත් ඒ පිළිබඳව විමසීමේදී පරස්පර කතාකීම හේතුවෙන් ඇයට පහරදී අව්වේ දණ ගැස්සවූ බවත් ගුරුවරියන් දෙදෙනා පොලීසිය හමුවේ පවසා තිබුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ වෙන්නප්පුව පොලීසිය ආදළ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

අනතුරුව 39 හා 57 යන වයස්වල පසුවන සැකකාර ගුරුවරියන් දෙදෙනා අධිකරණය මගින් ශරීර ඇප මත මුදාහැරුණේ පසුගිය සැප්තැම්බර් මස 13 වනදාය. අදාළ පහරදීම පසුගිය අගෝස්තු මස 9 වනදා සිදුව තිබූ අතර පහරදීම හේතුවෙන් සිසුවිය මූලික ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

එහිදී ඇයගේ හිසට සැත්කමක් සිදුකර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර තිබුණි. එහි ප්‍රතිකාර ලබමින් සිටින විට පොලිස් නිලධාරීන් තෙවතාවක් සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රෝහල වෙත ගිය ද එය ව්‍යර්ථව ගොස් තිබුණේ, ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම හේතුවෙනි.

අනතුරුව දැරියව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර තිබේ. පොලීසිය පැවසුවේ, සිසුවිය රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය නොවැම්බර් 13වනදා රාත්‍රියේ මියගොස් ඇති බවය. මියගිය සිසුවියගේ දේහය ඊයේ (15) පස්වරුවේ ඥාතීන්ට භාර දී තිබේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 0 Seats
    All Other Parties
    13.14%
ReeCha