ගියපාර එක්ක බලනකොට.. සජබේ නායක සජිත්ගෙ ඡන්ද ප්‍රමාණයට වුණ දෙය මෙන්න..

Report

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළේ ය.

ඒ අනුව ඒ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ගියවර පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව සැලකිය යුතු අයුරින් පහත වැටී තිබෙනවා.

ඒක එසේ මෙසේ ජයග්‍රහණයක් නෙමෙයි.. පරණ වාර්තා බිඳ හෙළමින්.. අලුත්ම වාර්තා රැසක් තැබූ මාලිමාව..

ඒක එසේ මෙසේ ජයග්‍රහණයක් නෙමෙයි.. පරණ වාර්තා බිඳ හෙළමින්.. අලුත්ම වාර්තා රැසක් තැබූ මාලිමාව..

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 305,744 ක් ලබා ගත්තේ ය.

නමුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 145,611ක් ය.

ඒ අනුව 2020 පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද 160,133ක් මෙවර මැතිවරණයේදී ඔහුගෙන් ගිලිහී තිබෙනවා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල බලකොටු රැසක බලය ද මෙවර මැතිවරණයේදී බිඳ දැමීමට ජාතික ජන බලවේගයට හැකි විය.

කොළඹ උතුර, මධ්‍යම, නැගෙනහිර, බටහිර ආදී ඡන්ද බල ප්‍රදේශ රැසක් දීර්ඝ මැතිවරණ ඉතිහාසයක් තුළ එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණ රැසක් අත්කර දුන්නෙ ය.

අපේක්ෂකයෙක් තැබූ වැඩිම ඡන්ද වාර්තාව.. අගමැති හරිනි පසු කරමින්.. විජිත හේරත් තබයි.. ඒ මෙන්න මෙහෙමයි..

අපේක්ෂකයෙක් තැබූ වැඩිම ඡන්ද වාර්තාව.. අගමැති හරිනි පසු කරමින්.. විජිත හේරත් තබයි.. ඒ මෙන්න මෙහෙමයි..

ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් සමගි ජන බලවේගය එම බලකොටු සිය පක්ෂය සතු කරගැනීමට සමත් විය.

නමුත් මෙවර මැතිවරණයේදී එම බලකොටු සියල්ලේ බලය ජාතික ජන බලවේගය සතු කර ගැනීමට සමත් විය.